Monday, August 29, 2011

කඩදාසි මායාව


ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා.....

මම ගැන කිව්වොත් දවසෙන් වැඩි කොටසක් source code එක්ක ජිවත් වෙන කඩදාසි මායාවෙන් මිදෙන්න කැමති දැනට තොරතුරු තාක්ෂණික උපාධියක් හදාරමින් එහි  තෙවන වසරේ තම ඉන්නේ. කඩදාසි මායාව කියල කිව්වේ ඉතින් අපිට ඉතින් ඔය ගිරවා දාන වැඩේ හරියන්නේ නෑ නේ එදා ඉදන්.... මොනවා පාඩම් කලත් exam hall එකට ගියාම මෙලෝ දෙයක් මතක නෑ. ඒ මදිවට වටේ ඉන්න කෙල්ලෝ ටික ලියනවා හිටු කියලා. කට්ටිය කියන්නේ නං පාඩම් කලේ නෑ, මතක නෑ, දන්නේ නෑ කියලා හැබැයි ඉතින් results එද්දී අපේ GPA එකේ කැලිත් නෑ. IT උපාධියක්  උනාට මොකද වැඩිපුරම ලකුණු ගන්න පුළුවන් ගිරව්ට තමා එක තමා ලංකාවේ හැටි.

Campus එකේ තියෙන්නේ තරගයක් කියලා ගොඩක් අය කිව්වට මම නං 90% ක්ම දැකල තියෙන්නේ ආත්මාර්ථකමි බව තමන්ගේ වැඩේ කෙරෙනවා නං අනිත් එකට හෙන ගැහුවත් අවුලක් නෑ... Individual Project එකක් කිව්වොත් කට්ටිය නිදිමරාගෙන වැඩ... Group Project කිව්වොත් එකෙක් වත් හොයාගන්නවත් නෑ, එතකොට කට්ටියට වෙන වැඩ. එකෙත් හොදම හරිය වෙන්නේ වැඩේ ඉවර උනාම කතාව නිකන් ඔක්කම ඒ කට්ටිය කල වගේ වැඩේ කරපු එකාට හුලන්. අන්තිමට උන්ගේ නම යනවා,අපේ හම යනවා.

පලවෙනි එකේම ඕවා කියන්න හොද නෑ නේ... පස්සේ බලමුකෝ......
ආසාවක් තියනවා තොරතුරු තාක්ෂනය ගැන වගේම programming ගැනත් ලිපි කිහිපයක් ලියන්න, බලමු කරන්න පුළුවන් වෙයි ද කියලා......
එහෙනං ඉතින් අද ඉදන් මමත් බ්ලොග් ලියනවා........   

2 comments:

  1. මේ බ්ලොග් එකේ පලවෙනි කමෙන්ට් එක දාන්න පුලුවන් උනා කියලා මම හිතනවා..

    හා හා පුරා කියලා ලියන මේ බ්ලොග් එකත් එක්ක දිගු කාලයක් මේ ‍ෆිල්ඩ් එකේ ඉන්න ලැබෙවා කියලා සුභ පතනවා....

    ප.ලි : නිකමට කියන්නේ එකම ටයිප් ලිපි එක දිගටම දාන්න එපා... වෙනසක් කරලා බලන්න
    ජය වේවා

    ReplyDelete
  2. ස්තුති මිත්‍රයා ඔබේ පළමු කමෙන්ට් එකට...... ඒ වගේම ඔබේ උපදේශයටත්.......
    උත්සහ කරනවා වෙනස් විදියකට ලිපි ලියන්න...
    බලමු කොතරම් දුරට සාර්ථක වෙයි ද කියලා.

    ReplyDelete

Labels

Automobile (1) facebook (2) internet (2) Mobile (1) Nokia (1) Tips (1)