Tuesday, August 30, 2011

අන්තර්ජලයේ විප්ලවීය වෙනස (පළමු කොටස)




අන්තර්ජලය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ, අද වෙනකොට හැමදේම අන්තර්ජාලය හරහා කරගන්න මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ එකනේ.......
ඉතින් මුලින්ම ලියන ලිපියෙන් පසුගිය වසර කිහිපය තුල අන්තර්ජාලයේ මේ විප්ලවීය වෙනසට දායක වුනු පුද්ගලයෝ ගැන පොඩ්ඩක් හොයල බලන්න හිතුවා.

Vint Cerf සහ Bob Kahn



පටන් ගන්න ඕනේ මෙතනින් තමා. අන්තර්ජාලයේ පියා ලෙස සැලකෙන Vint Cerf සහ Bob Kahn දෙදෙනා TCP/IP ( Transmission Control Protocol (TCP) සහ Internet Protocol (IP)) protocol එක සොයාගැනීමත් සමගම අන්තර්ජාලයේ මුලික අඩිතාලම වැටෙනවා. මොකද මෙම සොයා ගැනීමත් සමගම එක් පරිගනකයකට තවත් පරිගණකයක් සමග සම්බන්දවීමේ හැකියාව ලැබුණා, අද අපි බවිත කරන අන්තර්ජාලයේ ආරම්භය ලෙස මෙම සොයාගැනීම හැදින්වෙනවා. තවත් විශේෂ සිදුවීමක් වන්නේ මුල් කාලයේදීම වරක් Vint Cerf විසින් අන්තර්ජාලය මිනිසාට බෙහෙවින් ප්‍රයෝජනවත් වනවා වගේම එහි අතුරු ප්‍රතිපලත් ඇති විය හැකි බවට අනතුරු ඇගවීමක් සිදුකරනු ලැබුවා.

Tim Berners-Lee




Tim Berners-Lee විසින් World Wide Web (www) නිර්මාණය කරමින් ලොව ප්‍රථම වතාවට Web Client සහ Web Server සංකල්පය හදුන්වා දීමත් සමගම අද අපි කතා කරන අන්තර්ජාලයේ විප්ලවය ආරම්භ වෙනවා.

Ray Tomlinson


විද්‍යුත් තැපෑල නැතහොත් අපි කවුරුත් දන්නා E-mail ලොවට හදුන්වා දෙනු ලැබුවේ Ray Tomlinson විසිනි. විද්‍යුත් තැපෑලෙහි පිය ලෙස හැදින්වෙන ඔහු ප්‍රථම වරට පරිගණක 2ක් අතර පණිවිඩ හුවමාරු ක්‍රමයක් ලෙස මෙය ඉදිරිපත් කරනු ලැබුවා. 



Michael Hart


මිනිසාගේ කියවීමේ අලුත් ක්‍රමවේදයක් ලෙස ලොව ප්‍රථම වරට Michael Hart විසින් eBook සංකල්පය හදුන්වා දෙනු ලැබුවා.



Gary Thuerk


අද වන විට ලොව පුරා බිලියන ගණනක් වන අන්තර්ජාල බවිත කරන්නන් හට හිසරදයක් වී ඇති "Spamming" ප්‍රථම වරට බාවිතා කරනු ලබන්නේ Gary තුඑර්ක් විසිනි. තම ආයතනයෙහි ප්‍රවර්දන වැඩසටහනක් ලෙස විශාල පිරිසකට එකවර විද්‍යුත් පණිවිඩ යවමින් ඔහු නොදැනුවත්වම ස්පම්මින්ග් බාවිතා කල ලොව පළමු වන්න ලෙස ඉතිහාසයට එක්වනවා. 


තව ගොඩක් ඉන්නවා, ඒ ය ගැන ඉදිරියේදී බලමු .......

No comments:

Post a Comment

Labels

Automobile (1) facebook (2) internet (2) Mobile (1) Nokia (1) Tips (1)