Tuesday, September 6, 2011

Nokia අලුත් වෙනස




Nokia default ringtone එක මොකද්ද කියලා ඇහුවොත් පොඩි ළමයෙක් උනත් දන්නවා නේ... මොකද ඕක දවසට කීපාරක් නං ඇහෙනවද......

ඔය යට තියෙන video එකේ තියන ringtone එක තමා දැන් ඉතින් ඕක අහලම ඇති වෙලා නේ.... ඔය ringtone එක මුලින්ම හදුන්වා දෙන්නේ 1994 ඒ කියන්නේ දැනට අවුරුදු 17 කට විතර කලින්...
ඔන්න දැන් Nokia සමාගම එක වෙනස් කරන්න යනවා.... 
2012 දී තමා අලුත් එකක් හදුන්වා දෙන්න ඉන්නේ, ඒ ringtone නිර්මාණය කිරීමේ අවස්ථාව ඔවුන් නිර්මාණකරුවන්ට දැන් ලබාදී තිබෙනවා...
මෙන්න මෙතනින් දැනට ඉදිරිපත් වෙලා තියන ඒවා බලන්න වගේම අලුත් එකක් එකතු කරලා තරගයට සහභාගී වෙන්නත් පුළුවන්....

පළමු ස්ථානයට $10,000 වගේම $1000 බැගින් පස්දෙනෙකුටත් ලබාදෙනවා.
තරගයට ඉදිරිපත් වෙන්න පුළුවන් ඔක්තොම්බෙර් දෙවෙනිදා වෙනකන් විතරයි.
ඔන්න ඉතින් හැකියාව තියන අයට හොද අවස්ථාවක්.......

No comments:

Post a Comment

Labels

Automobile (1) facebook (2) internet (2) Mobile (1) Nokia (1) Tips (1)